රත්ගම අතුරුදන්වූ සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම්
පෙරේදා (25) සිට අතුරුදන්ව සිටින ගාල්ල – බූස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති සිසුවා සොයා නාවික හමුදාව සහ පොලීසිය තවදුරටත් ගිං ගඟේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ගාල්ල – රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඉමේෂ් ශ්‍රීමාල් නමැති මෙම සිසුවා අතිරේක පන්තියකට සහභාගි වී නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් මේ පිළිබදව පෙරේදා රාත්‍රියේ පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව පසු දින සිදු කල සෝදිසි කිරීම් වලදී මෙම සිසුවාගේ පාසල් බෑගය ගිං ගඟ ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී සොයාගනු ලැබුවේය. තවද එහි තිබී ලිපියක් හමු වී ඇති අතර එහි “අම්මේ මට සමාවෙන්න” යනුවෙන් සඳහන් කර ඇති බව පොලිසිය පවසයි.
මේ අතර පසුගිය 24 වනදා පාරේ බීමතින් ගිය බැව් කියන පුද්ගලයෙකුට මෙම සිසුවා උසුළු විසුළු කිරීම හේතුවෙන් බිමත් පුද්ගලයා මෙම සිසුවාට තර්ජනය කර ඇති බවත් පසුව එම පුද්ගලයා මෙම සිසුවා ඉගෙනගන්නා උපකාරක පන්තියට ගොස් විපරම් කර ඇති බවත් සිසුවාගේ පියා පොලිසියට ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පොලිසිය අදාල පුද්ගලයා ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.
No Responses