රත්ගම අතුරුදන් සිසුවාගේ සිරුර ගිං ගඟෙන් මතුවෙයි

null

ගාල්ල – බූස්ස – රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර ගිංගඟේ – ගිංතොට පාලම අසල තිබී සොයාගත් බව පොලිසිය පවසයි.

සිසුවා අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් විසින් රත්ගම පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය 25 වැනිදා රාත්‍රියේයි. ඒ අනුව දින දෙකක් තිස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කල පොලිසිය අද (29) උදෑසන සිරුර සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි ඉමේෂ් ශ්‍රීමාල් ද සිල්වා නමැති සිසුවා යි. මොහු පසුගිය 25 වනදා අතිරේක පන්තියකට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සැක සිතී දෙමව්පියන් පොලිසිය දැනුවත් කර තිබූ අතර, පසුව සිසුවාගේ බෑගය ගිංගඟ ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත්තේ 26 වනදා උදෑසනයි. රත්ගම පොලීසිය සඳහන් කළේ සිසුවාගේ පාසල් බෑගය තුළ ලිපියක් තිබී හමුවූ බවයි. එහි ‘‘අම්මේ මට සමාවෙන්න.’’ යනුවෙන් සටහන්ව තිබූ බවටද වාර්තා විය.

කෙසේ වෙතත් මෙම සිසුව මාස 6ක පිහිනුම් පාඨමාලාවක් හදාරා හොඳින් පිහිනීමට හැකියාව ඇති අයෙක් බවද වාර්තා වේ.

පොලිසිය සඳහන් කර ඇත්තේ සිසුවාගේ මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් ද නැතහොත් මිනීමැරුමක් ද යන්න පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

පෙර පළවූ පුවත පහතින්…

රත්ගම අතුරුදන්වූ සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>