රත්ගම සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් එක් සැකකරුවෙකු, ඝාතනයට යොදාගත් ගිනි අවිය සමඟ ඊයේ (29) හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ 21 හැවිරිදි මෙම සැකකරු තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට ඉහතදී අත්අඩංගුවට පත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි. ඊයේ අත්අඩංගුවට පත් සැකකරු අද (30දා) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ සභාපතිවරයා හික්කඩුව – වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණේ මාර්තු මස 23 වැනිදා රාත්‍රියේයි. සිද්ධියෙන් ඔහු සමග සිටි මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබුවා.