රත්ගම සභාපති ඝාතනයේ සැකකාර පොඩි ලැසියා බාරවේ

null

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන පොඩි ලැසියා නැමැත්තා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31) භාරවී තිබේ.

ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසියා නැමැත්තා පසුව අප්‍රේල් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 23 වැනිදා රාත්‍රියේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයට ලක්වු අතර, මෙහිදී සභාපතිවරයාගේ මිතුරන් දෙදෙනෙකු ද බරපතල තුවාල ලැබිය.

තුවාල ලැබූ එක් පුද්ගලයෙකු සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පිළිබඳව පොලීසියට කෙටි ප්‍රකාශයක් ලබාදී තිබුණ අතර ඒ අනුව පොලීසිය සැකකරුවන් හඳුනාගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>