රත්නපුරේ පහරකෑමට ලක්වූ කාන්තාව කෝටි 5 ක් වන්දි ඉල්ලයි

null

රත්නපුර නගරයේදී පොලිස් නිලධාරියෙකුගෙන් පහර කෑමට ලක්වු වීරසිංහආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටි රුපියල් කෝටි 05ක වන්දි මුදලක් ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කිරීමට නියමිත බව වාර්තා වේ.

එම කාන්තාව ඊයේ තම මානව හිමිකම් කඩවූ බව පවසමින් මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක්ද ගොනු කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ නඩු පැවරීමට ඇයට ඇති අයිතිය පිළිගන්නා බවයි.

රත්නපුර නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොළ ආසන්නයේදී පොලිස් නිලධාරියෙකු කාන්තාවකට පහරදෙන වීඩියෝ පටයක් ප‍්‍රථමයෙන් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියේ ප‍්‍රසිද්ධ කර තිබුණා. පහරදෙන අවස්ථාවේදී තමාට පහර නොදෙන ලෙසට පොලිස් නිලධාරීයාගෙන් අදාළ කාන්තාව ඉල්ලා සිටින අයුරුයි එම දර්ශනවල දක්නට ලැබුණේ. පසුව එය ජනමාධ්‍ය හරහා ද ප‍්‍රසිද්ධ වූ අතර සිද්ධිය පිළිබඳ පොලිස් පරික්ෂණ ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. මේ වනවිට පහරදීමට සම්බන්ධ රත්නපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන එම පොලිස් සැරයන්වරයාගේ සේවය අත්හිටුවා තිබෙ.

මේ අතර වැඩ තහනමට ලක්කළ පොලිස් සැරයන් සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් රත්නපුර ත්‍රී රෝද රියදුරෝ පිරිසක් අද නගරයේ ඔරලෝසු කණුව අසල උද්ඝෝෂණයක් අරඹා තිබේ. හිමිවරු හත් අට නමක්ද ඊට වැඩම කර සිටින බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>