රත්නපුර කාන්තාවගෙන් තවම පැමිණිල්ලක් නෑ
රත්නපුර බස් නැවතුම්පොළ අසල දී පොලිස් සැරයන්වරයෙකුගේ පහරකෑමට ලක්වූ කක්කුස්සිවත්තේ බට්ටි ලෙස හඳුන්වන කාන්ති මහත්මිය මේ වනතුරුත් පොලිසියට පැමිණිල්ලක් කර නොමැති බව වාර්තා වේ.
මෙම කාන්තාවට පහරදුන් බව කියන පොලිස් සැරයන් සම්බන්ධ පරීක්ෂණය සහකාරී පොලිස් අධිකාරීවරයකුට පවරා ඇතැයි ද, දැනට 15 දෙනකුගේ කට උත්තර ලියාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.
එමෙන්ම කිසිවකුගේ බලපෑමක් නොමැතිව විනිවිද භාවයෙන් පරීක්ෂණ පවත්වන බව පවසන ඒ මහතා පොලිසියට පැමිණ ප්‍රකාශයක් දෙන ලෙස හෝ ප්‍රකාශයක් ගැනීම සඳහා ඇය සිටින තැනක් දන්වන ලෙස හෝ ඇගෙන් ආයාචනය කරන බව පැවසීය.
මේ අතර කාන්ති මහත්මියගේ මවද ඊයේ (02) රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගණිකා වෘත්තියේ නියැලුණු බවට චෝදනා කරමින් මෙලෙස ඇගේ මව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගණිකා වෘත්තියේ නියැලුණ බවට චෝදනා සහිතව ඇයත් සමග තවත් කාන්තාවන් රැසක්ද අත්අඩංගුවට ගෙන ඇත.