රතුපස්වලදී වෙඩි තැබීමට අණදුන් හමුදා බ්‍රිගේඩියර් දිවයිනට

null

රතුපස්වල ජල ගැටළුව පිළිබඳ සිද්ධියේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ දුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අද පෙරවරුවේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

එලෙස චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන පෙරවරු 11.35ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

රතුපස්වල සිද්ධියෙන් අනතුරුව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන, තුර්කියේ ශ්‍රීර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පසුගිය රජය මගින් පත් කරනු ලැබුවේය.

මොහු ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ගල්ඔලූව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගුවන් තොටුපළ පරිශ්‍රයේ උපවාසයක ද නිරත විය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සම්බන්ධයෙන් හමුදාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බදාදා (16) ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>