රතුපස්වල වෙඩි තැබීම ගැන පරික්ෂණ ඇරඹේ

null

පාසල් ශිෂ්‍යයින් ඇතුළු තුන්දෙනෙකු මිය ගිය වැලිවේරිය – රතුපස්වල උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් කිසිදු නිලධාරීයෙකුට එරෙහිව නීතිමය පියවරක් ගෙන නොමැති බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි.

ඊයේ (25) උදෑසන වැලිවේරිය නගර මාධ්‍යයට එක් වූ ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ වැලිවේරිය වෙඩි තැබීම පිළිබඳ වහා පරීක්ෂණයක් සිදු කරන ලෙසයි .

අමාත්‍ය කරු ජයසූරිය සමග එම ස්ථානයට පැමිණි ජෝන් අමරතුංග අමාත්‍යවරයා පොරොන්දු වුයේ මාස තුනක් ඇතුළත වැලිවේරියේ ජනතාවට විසඳුම් ලබා දෙන බවට යි.

2013 වසරේ අගෝස්තු මස පළමු වැනිදා රතුපස්වල ප‍්‍රදේශයේදී පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණයට වෙඩි තැබීම හේතුවෙන් තිදෙනෙකු මියගිය අතර තිස්එක් දෙනකුට තුවාල සිදුවිය.

ඊයේ උද්ඝෝෂණය සඳහා රැස්වූ පිරිස ප්‍රකාශ කර ඇත්තේ වෙඩි තැබීම සිදු කල හමුදා පිරිසට කුලී හමුදාවක් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. පසුගිය වකවානුවේදී ධනවතුන් විසින් මුදල් ගෙවා සිය ව්‍යාපාරික අවශ්‍යතා සපුරා ගනු ලැබීම සඳහා ඉහත කී කුලී හමුදාව යොදා ගෙන ඇති බවයි සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි බිබිසි පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් එහි පැමිණි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අදාළ නිලධාරීන්ට එරෙහිව වහාම පරීක්ෂණ සිදුකරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>