රථවාහන පොලීසියෙන් ආබාධිතයෙක්ට අමානුෂිකව පහරදෙන අයුරු – Video

null

කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකු අද (23) යතුරු පැදියකින් ගමන්කල ආබාධිත පුද්ගලයෙකුට අමානුෂික අයුරින් බිම පෙරලාගෙන පහරදී තිබේ.

එක් පාදයක් අහිමිව තිබෙන පුද්ගලයාට යතුරු පැදිය නවතන ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනකු නගර ආසන්නයේදී දැනුම් දී ඇති අතර ඔහු සංඥා නොතකා යතුරුපැදිය ධාවනය කල බව පැවසේ.

අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ එම පුද්ගලයා කහටගස්දිගිලිය ප්‍රධාන බස්නැවතුම අසලදී එම පොලිස් නිලධාරියෙකු විසින් අල්ලාගෙන මෙම පහර දීම සිදුකර ඇත. පහරදෙන අවස්ථාවේ ඔහු පැලඳ සිටි කෘතිම ගැලවී ගොස් ඔහුව පදික වේදිකාවට ඇද වැටී තිබේ.

මෙම සිද්ධිය දුටු බොහෝදෙනෙක් සඳහන් කර ඇත්තේ දරුණු ගණයේ අපරාධකරුවෙකුට මෙන් ඔහුට පහරදීම නින්දිත බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කහටගස්දිගිලිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වලආරච්ච් මහතා පවසා සිටියේ, එවැනි බරපතළ සිද්ධියක් පිළිබඳව තමන් දැන නොසිටි බවයි. එහෙත් බීමතින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු පොලිස් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපාකමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

අදාළ සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>