රන්කොත් විහාරයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

null

පානදුර නගරයේ පිහිටි රන්කොත් විහාරස්ථානයේ බෝමළුවේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ මොරටුව හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි.

වාර්තා වන පරිදි අනියම් සැමියා විසින් එල්ල කළ මන්නා පහරකින් මෙම කාන්තාව ඝාතනයට ලක්ව තිබේ. මොවුන් දෙදෙනා මිට පෙර විවාහකයින් වන අතර දෙදෙනාම දික්කසාදය ලබා නොගෙන වසර 15 ක් පමණ පානදුර – කෙසෙල්වත්ත – ගොරකාපොල ප‍්‍රදේශයේ නිවසක ජීවත් වී ඇති බව පොලිසිය පවසයි.

පසුව පවුල් ආරවුලක් හේතුවෙන් මාස 06 ක පමණ කාලයක් මොවුන් වෙන්ව ජීවත්ව තිබේ. ඉඩම් ආරවුලක් නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා රන්කොත් විහාරයට පැමිණෙන ලෙස ඝාතනය සිදුකළ පුද්ගලයා මෙම කාන්තාවට දන්වා ඇති අතර එම අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත්, අනතුරුව අදාළ පුද්ගලයා මෙම කාන්තාවට මන්නයකින් පහර දී ඝාතනය කර ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙ.

සිද්ධියෙන් මියගිය කාන්තාවට පළමු විවාහයෙන් 21 හැවිරිදි දියණියක්ද සිටින අතර එම අවස්ථාවේ තම මව සමග සිටි ඇයද තුවාල ලබා මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඝාතනය සිදුකල පුද්ගලයා 58 හැවිරිදි අයෙකු වන අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>