රන් පදක්කම දිනූ සැණින් උසෙයින් බෝල්ට්ට සිදුවූ අලකලංචිය (VIDEO)

null

ලොව වේගවත් ම මිනිසා වන ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් 15 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 පිරිමි ධාවන ඉසව්ව ඊයේ ජය ගත්තේ ය. ඒ තත්පර 19.55ක කාලයකින් තරගය නිම කරමිනි.

එය ඔහු එම ඉසව්ව සඳහා මේ වසරේදී දැක් වූ ඉහළ ම දක්ෂතාව ද වේ.

කෙසේ වෙතත් මෙම තරගයෙන් අනතුරුව උසෙයින් බෝල්ට්ට අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු විය.

තරගය ජය ගත් උසෙයින් බෝල්ට් ක්‍රීඩා පිටිය තුළ ගමන් කරමින් සිටියදී ඔහු පසුපස පැමිණි සෙග්වේ රථය කැමරා ශිල්පියෙකුගේ අත්වැරදීමකින් බෝල්ට්ගේ ඇඟට පෙරළීම ය.

කෙසේ වෙතත්, උසෙයින් බෝල්ට්ට මෙම හදිසි අනතුරින් කිසිදු හානියක් සිදු නොවු බව වාර්ත වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>