රන් සඟවාගෙන ගිය කතක් කොටුවේ

null

නීති විරෝධීව රත‍්‍රං තොගයක් දිවයිනෙන් බැහැරට රැගෙන යාමට උත්සහ කළ කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රද්ශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය යු එල් 121 දරණ ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා යෑමට සුදානම්ව සිට ඇත.

එම කාන්තාව සිය බෑගයේ සගවාගෙන සිටි ග‍්‍රෑම් 358 ක් බරැති රත්රන් තොගයක් රේගු බාරයට ගෙන තිබේ. ඒ අතර රන්මාල 2ක්, රන් කාසි 3ක් සහ රන් මුදු 3ක් වන බව සඳහන්. එම රන් භාණ්ඩ නිම නොකළ ඒවා බවද රේගු නිලධාරීන් පවසයි.

අදාල රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් 1 797 000ක් පමණ වන බව වාර්තා වේ.

එම කාන්තාවට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් ආභරණ රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>