රනිල්ගේ විශේෂ ප්‍රකාශය මෙන්න

null

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත්, ඔහු කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ දේශපාලන වාසි වෙනුවෙන් යැයි අගමැතිවරයා එහිදී චෝදනා කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කෝප් අනු කමිටු වාර්තාව පිළිබඳව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (07) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සෙවීම සඳහා ඉදිරි පාර්ලිමේන්තුවේදී තේරීම් කාරක සභාවක් පත් කරන බවත්, එම කමිටුව සදහා මීට පෙර පැවති කෝප් කමිටුවේ සාමාජිකයන් ද එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>