19 Aug 2015
රනිල්ට මනාප 500566යි – මහින්දට 423529යි
කොළඹ දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵළ අනුව මනාප පන් ලක්ෂ පන්සිය හැට හයක් (500566ක්) ලබාගෙන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරමුණට පැමිණ තිබේ.
මෙය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලැබූ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස මැතිවරණ ඉතිහාසයට එක්වෙයි.
කොළඹ දිස්ත්‍රීක්කයෙන් එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මනාප එක්ලක්ෂ, දා හත් දහස් හතළිස් නවයක්(117,049ක්) ලබාගත් සුජීව සේනසිංහ මහතායි.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරඟ වැදුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මනාප ඡන්ද 423,529 ලබාගෙන ඇත.
ඔහු එම දිස්ත්‍රීක්කයේ මනාප ලයිස්තුවේ පළමු තැන හිමි කරගෙන ඇති අතර දයාසිරි ජයසේකර මහතා මනාප ඡන්ද 133,532ක් ලබා ගනිමින් දෙවන තැනට පත්ව ඇත.