රනිල්ට සහ අනුරට ‘මහින්ද භීතිකාව’ ඇතිවෙලා

null

යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මහතාට මේ වන විට ඇතිව තිබෙන්නේ ‘මහින්ද භීතිකාව’ යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (29) බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ.

එමන්ම රාජිත සේනාරත්න, චම්පික රණවක, වික්‍රමබාහු කරුණාරත්න, උතුරේ ආර්.සම්බන්ධන් යන මහත්වරුන්ට ද ‘මහින්ද භීතිකාව’ ඇතිවී තිබෙන බව ඔහු පවසයි.

මොවුන් රුපවාහිනී, ගුවන් විදුලි නාලිකා වලට ඇවිත් උදේ සිට හවස් වනතුරු මහින්ද හොරා හොරා කියනවට වඩා වෙන යමක් කරන්නේ නැති බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා මහින්දෝදය විද්‍යාගාර වල මහින්දෝදය කියන වචන දැක්කම මහින්ද යන නම මතක් වෙනවා කියා මහින්දෝදය නම වෙනස් කර ඇති බවද පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>