රනිල් අගමැති ධූරයේ වැඩ අරඹයි

null

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිය තනතුරේ රාජකාරී අරලියගහ මන්දිරයේදී ආරම්භ කර තිබේ. ඒ ආගමික වතාවත් වලට මුල් තැන දෙමිනි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු අරලියගහ මන්දිරයේ සිට ඉටුකළද අගමැතිවරයා හා මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය පදිංචිය සඳහා අරලියගහ මන්දිරයට නොපැමිණෙන බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

නෙත් නිව්ස් සඳහන් කරන පරිදි පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් ආගමික වතාවත් මෙහෙයවනු ලැබු අතර කෙටි දේශණයක්ද පවත්වමින් උන්වහන්සේ කියාසිටියේ යහපාලනය නැවත ස්ථාපිත කිරීමේදී දේශපාලඥයන් මෙන්ම නිලධාරීන්ද අවංකව හා කැපවීමෙන් කි‍්‍රයාකළ යුතු බවයි.

එම අවස්ථාවට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, බුද්ධ ශාසන ඇමති කරු ජයසූරිය මහතා ඇතුළුව මැති ඇමතිවරු පිරිසක් ද එක්ව සිටියහ. ආගමික වතාවත්වලින් පසුව මහ සංඝරත්නයට හීල් දානය ද පිරිනැමිණ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>