රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

null

08 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙසත්, නිදහස් ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද දිවුරුම් දී තිබේ.

දිවුරුම්දීමේ උත්සවය ජනාධීපති ලේකම් කාර්යාලයේදී සිදුවිය. එම අවස්ථාවට මහසංඝරත්නය, මෙන්ම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද, සරත් ෆොන්සේකා මහතා ඇතුළුව තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියහ.

පසුගිය 17 වනදා පැවති මහමැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 106ක බලය තහවුරු කර ගැනීමට සමත් විය.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ සිව්වන අවස්ථාව මෙයයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>