රනිල් අගමැති ලෙස දිවුරුම් දීම බ්‍රහස්පතින්දා

null

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව අගමැති වශයෙන් හෙට සවස හෝ බ්‍රහස්පතින්දා පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව අද පුවත්පත වාර්තා කරයි.

ව්‍යවස්ථාව අනුව මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරු පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයාට අගමැති තනතුර භාර ගන්නා ලෙස ජනපතිවරයාට ආරාධනාවක් කළ හැකිය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ආරාධනාව ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. ඉන් අනතුරුව අගමැතිවරයා දිවුරුම් දීම නියමිතය.

මේ අතර මහමැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජනවාරි 08 වැනිදා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට යාම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය තම පක‍ෂයට හිමිව ඇති බවයි.

දැන් ජයග්‍රහකයින් සහ පරාජිතයින් ලෙස ඛෙදා වෙන්කිරීමක් අනවශ්‍ය බව පෙන්වා දෙන ඔහු නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උරදිය යුතු බවද පෙන්වා දෙයි. එම නිවේදනය පහතින්…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>