රනිල් හාමු කේන්ති ගන්න එපා – මහින්ද අදින්න එපා කකුලෙන්

null

අගමැති රනිල් වික්‍රමසිංහ පැමිණ ඇති මාර්ගය කකුලෙන් ඇද නැති කරන්න එපායැයි තමා මහින්ද රාජපක්ෂට කියන බව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ පැවැසූහ.

හුනුපිටිය ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර පසුගියදා විදී සංචාර කරන ලදී.

මේ පිංකමට අගමැති තුමාට වගේම හිටපු ජනාධිපති තුමාටත් ආරාධනා කර තිබුණ අතර නවම් පෙරහර ආරම්භ කිරීමට මත්තෙන් සභාව අමතමින් උන්වහන්සේ මේ බව පවසා ඇත.

“රනිල් හාමු කේන්ති ගන්න එපා. මමත් ඉස්සර හරියට කේන්ති ගන්න කෙනෙක්. ඕන වෙලාවට කේන්ති ගත්තට කමක් නෑ. තමුන්නාන්සෙ හොඳ ගමන් මාර්ගයකට ආවා කරගෙන යන්න.මහින්ද රාපජපක්ෂ මැතිතුමනි අදින්න එපා කකුලෙන්. මහින්දයි රනිලුයි යාළුවෝ දෙන්නෙක්. ඒ වගේම අපේ දායකයෝ දෙන්නෙක්.

මේක අද ඉතිහාස ගත කතාවක් හැටියට කියන්න ඕන. දේශපාලනය ගැන ස්වාමීන් වහන්සේලා කතා කරන කොට පරස්සමින් කතා කරන්න ඕන. හැබැයි ඇත්ත කියන්න පුරුදු වෙලා තියෙන්න ඕන. බෙරුව බෑ. අපි බොරු කියන්නෙ නෑ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>