රනිල් TV දෙරණට අනතුරු අඟවයි

null

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ බදුල්ලේ සිට කරන ලද විශේෂ ප්‍රකාශයේදී දෙරණ රුපවාහිනියේ නම සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපනය කලේය.

පසුගිය නිදහස් දින පැවති සැදෑ උත්සවයේදී ගායිකාවක් විසින් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය විකෘති කර ගැවීම සම්බන්ධයෙන් දෙරණ නාළිකාවේ සංඛ අමරජිත් මහතා විසින් ‘කෑගහන බැලලියට ගඩොල් බාගයකින් ගහන්න’ කියූ කතාවට අගමැතිවරයා මෙලෙස දෝෂාරෝපනය කර තිබේ.

රාජපක්‍ෂ යුගයේ සට්ටැඹියන් තවම සිටින බවද කී අගමැතිවරයා, රූපවාහිනී නාලිකාවල විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජය බවත් එකී සිදුවීම සම්බන්ධයෙන් දෙරණ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් කියා සිටියේය.

මාධ්‍ය හමුව අවසානයේ අගමැතිවරයා විසින් දෙරණ නාලිකාව වෙනුවෙන් සහභාගී වූ වාර්තාකරු කැඳවා පෙර කී සිදුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග විමසා ඇත.

දෙරණ නාලිකාව ඒ සම්බන්ධයෙන් පසුදා කණගාටුව ප්රකාශ කල බව වාර්තා කරු සඳහන් කර ඇති අතර අගමැති වික්‍රමසිංහ මහතා ඔහුට දන්වා ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශන බලපත්‍රය රැකෙන ලෙස වහා කටයුතු කරන ලෙසයි.

මේ අතර ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය පිළිබඳව ‘දෙරණ-අරුණ’ වැඩසටහනේදී ද්වේශ සහගතව අදහස් දැක්වූ නීතිඥ සංඛ අමරජිත් මහතාගේ සේවය වහාම අත්හිටුවීමට එම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය සම්බන්ධයෙන් නීතිඥ සංඛගේ ප්‍රතිචාරය බලන්න…

අගමැතිවරයාගේ ප්‍රකාශය…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>