රවීගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි – 1ක් මරුට 14ක් රෝහලේ

null

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් ක්‍රිඩංගණය අසළ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් තිබේ.

එහිදී කාන්තාවක මියගොස් 15 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාලකරුවන්ගෙන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

අද පෙරවරු 11.45ට පමණ කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් තිබේ. මේ පිළිබඳව පොලිස් පරික්ෂ ආරම්භ වී ඇති අතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණය අසළින් සොයාගෙන තිබේ.

මෙම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ සායික් සිත්ති නසීමා නැමැති 42 හැවිරිදි මාදම්පාපිටිය, කොටහේන, කොළඹ 15 ලිපිනයේ පදිංචිව සිටි කාන්තාවකි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>