රවී මහින්දගෙන් මිලියන 2000ක් වන්දි ඉල්ලයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවෙන් අයථා ලෙස ණය ලබාදෙනවැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස නීතිමය පියවර ගැනීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.

අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

“හිටපු ජනාධිපති හා හිටපු මුදල් ඇමතිට කියන්නේ කරුණාකරලා තමා නින්දෙන් නැඟිටලා කතා කරනවා නම් පදනම් සහිතව කතා කරන්න. නැතිනම් මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මේ වගේ දේවල් එතුමාගේ කාලයේ වගේ සංසන්දනය කරලා අපිව ඒ මට්ටමට මනින්න එපා කියලා කියනවා. ඒවගේම මම නීතිඥවරුන්ට කියලා තියෙනවා මිලියන 2000ක අපහාස නඩුවක් ඉදිරිපත් කරන්න. මොකො නැත්නම් මේවා විහිළු සේලලම් බවට පත්වෙනවා. ඉතින් ඒ නිසා මම නීතිඥතුමාට දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් අපහාස නඩුවක් ඉදිරිපත් කරන්න කියලා.”

පසුගියදා පැවති රැස්වීමකදී මහින්ද රාජපක්‍ෂ මහතා සිදුකල එම ප්‍රකාශය පහතින්…

“මේවා ඇත්ත වශයෙන්ම එන්න ඕන පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව ඇවිල්ලා සකච්ඡා කරන්න ඕන. මේක නිකන් සතොසෙන් ණයට අරගෙන ණය බේරුවාම නඩු දානවා. නඩුව දාන්නේ රාජ්‍ය දේපල වංචා කරා කියලා. එතකොට ඇප නැහැ. සමෘද්ධිය බෙදුවාම බැසිල්ට දානවා, හැබැයි සජිත් ප්‍රේමදාසට නැහැ. සජිත් ප්‍රේමදාස බෙදන්නේ සමෘද්ධි ලාභීන්ට නෙමෙයි. එයාගේ ලැයිස්තුවක් තියෙනවා, ඒ ලැයිස්තුවට. රවී කරුණානායක මහත්මයා ලැයිස්තුවක් දීලා තියෙනවා ලංකා පුත්‍ර බැංකුවේ ණය දෙන්න කියලා මේ අයට. ඇප එහෙම එච්චර බලන්න එපා කියලා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>