රහස් පොලීසියට තර්ජන කල වාස්ට ඇප

vaas gunawardane

2013 වසරේ ජුනි මස 13 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ෂානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසකට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ඇප නියම කර තිබේ.

අදාළ නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය රුපියල් විසි පන්දහසක මුදල් ඇපයක් මත විත්තිකරු නිදහස් කිරීමට නියෝග කර ඇත.

කෙසේ වෙතත්, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා තවත් නඩු දෙකක් සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි.

අදාළ නඩුව ලබන මස 12 වන දින යළි කැඳවීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>