රහස් විද්‍යුත් ලිපියක් ගැන රාජිතගෙන් හෙළිදරව්වක්
බැසිල් රාජපක්ෂ මහතා විසින් විදේශ රටක දමිළ නියෝජිතයෙකුට යැවූ විද්‍යුත් ලිපියක් ගැන හිටපු ඇමති රාජිත සේනාරත්න හෙළිදරව්වක් කරනු ලැබ තිබේ.
හිරු නිව්ස් සඳහන් කරන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ නායකයෙකු ලෙස සැළකෙන රුද්‍ර කුමාරන්ට මෙම ලිපිය යවා ඇති අතර එහි සඳහන්ව ඇත්තේ 2005 වසරේදී කටයුතු කළ ආකාරයට උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය වර්ජනය කරවන ලෙසයි. ඒ සඳහා වරදාන වරප්‍රසාද ද ලබාදෙන බවට එම විද්‍යුත් ලිපියේ සඳහන් බව රාජිත සේනාරත්න මහතා පවසයි.
එමෙන්ම ඊයේ රාත්‍රියේ සිරස සටන වැඩසටහන සඳහා එක්වූ රාජිත සේනාරත්න මහතා ඒ පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශයක් සිදු කරන ලදී.
නමුත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසා ඇත්තේ රාජිත සේනාරත්න මහතා සිදුකරන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, ජනතාව නොමග යවා ඡන්ද ලබාගැනීම සඳහා කරන මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හෙළාදකින බවත්ය.