රාජපක්ෂ පවුලේ බල්ලෙක්වත් ආපහු අරලියගහමැදුරට එන්නේ නෑ

null

ඉන්දික තොටවත්ත මහතා ප්‍රසිද්ධියට පත්වුයේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයගන්නා බවට කල අනාවැකියත් සමගයි.

මෙසේ නිවැරදි අනාවැකි කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් ප්‍රසිද්ධියට පත් ඉන්දික තොටවත්ත මහතා තවත් අනාවැකියක් හෙළි කර තිබේ.

ඒ මානස ජෝතිෂ්‍ය සංගමය විසින් සංවිධානයකොට තිබු “ජෝතිෂ්‍ය අවභාවිතය වළක්වමු” මැයෙන් පසුගිය 16 වනදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වූ කතිකාවට එක්වෙමිනි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි එහිදී රැස්ව සිටි පිරිස අමතු ඉන්දික තොටවත්ත මහතා පවසා ඇත්තේ තමා බිය යන්න කුමක්දැයි නොදන්නා බවත් ඕනෑම අවස්තාවක සත්‍ය හෙළිකිරීමට පෙරමුණට පැමිණෙන බවත් ය. එමෙන්ම තමා එසේ බියෙන් සිටිනවානම් තවමත් පාවෙන අවිගබඩාවල හිමිකම ඇති රාජපක්ෂලාගේ පවුලේ බල්ලෙක්වත් ආපසු අරලියගහ මන්දිරයට නොයන බව පවසන්නේ නොමැති බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාව පහතින්.

මේ අතර හිරු ගොසිප් සමග සාකච්චාවකට එක්වෙමින් ඉන්දික තොටවත්ත මහතා සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නැවත කිසිසේත්ම අගමැති හෝ ජනාධිපති ධූරයකට පත්නොවන බවයි. එමෙන්ම මේ දින වල බොහෝදෙනා අවධානයෙන් පසුවන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධව කල විමසුමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලානය ජයගන්නේ කවුරුන්දැයි අනාවැකියකින් නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකි බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>