09 Dec 2015
රාජ්ය සහ පෞද්ගලික අංශ දෙකටම එකම විශ්රාම වැටුපක්
රාජ්ය සේවකයින්ට සහ පුද්ගලික අංශයේ සේවකයින්ට එකම විශ්රාම වැටුප් ක්රමයක් ඉදිරියේදී සකස් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද (09) විශේෂ ප්රකාශයක් කරමින් ඔහු ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම නව විශ්රාම වැටුප් ක්රමය දැනට සිටින රාජ්ය සේවකයින්ට අදාළ නොවන බවත්, අනාගතයේ රැකියා සඳහා යොමුවෙන තරුණ තරුණියන් සඳහා මෙම වැඩපිළිවෙල ක්රියාත්මක බවත් ඔහු එහිදී පවසා ඇත.
2016 වර්ෂයේ ආදායම බිලියන 2005 ක් බවත් නමුත් සියලු අංශ සඳහා වැටුප් ගෙවීමට බිලියන 632 ක් වැයවෙන බවත්, විශ්රාම වැටුප් සඳහා බිලියන 169 ක් ද ණය ගෙවීම සඳහා තවත් බිලියන 1390 ක් පමණ වැය වෙන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.