රාජිතගේ පුතා තරුණියක් පැහැරගෙන

null

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාල පුත්‍රයා විසින් තම දියණිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින බවට දෙමව්පියන් ප්‍රකාශ කර තිබේ.

ඒ සිද්ධියට සම්බන්ධ දියණියගේ දෙමාපියන් විසින් අද(15) පැවත්වූ මාධ්‍ය හමුවකදී ය. කොළඹ කිරුළපනේ ව්‍යාපාරික ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි 2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතෙකු වන එක්සත් සේනාරත්න මහතා විසින් රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් ගිය බවත්, කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් එයින් කිසිදු පළක් නොවූ බවත් අදාළ දියණියගේ පියා එහිදී සඳහන් කර ඇත.

තම දියණිය තමනට බාරදීමට පොරොන්දුවී ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බව පැවසූවත් එය කිසිදාක නොවූ බවත් එදා සිටම දියණිය ඔවුන් බාරයේ රඳවාගෙන සිටින බවත් දියණිය දැක්වීමට හෝ සම්බන්ධ කර ගැනීමට කිසිම ඉඩක් නැති බවත් එයින් බලවත් මානසික පීඩාවක් පවතින බවත් දැරියගේ මව්පියෝ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

දැරියගේ බාරකාරත්වය පතා කොළඹ මහාධිකරණයේ හබයාස් කෝපූස් ඉල්ලුම්පතක් ගොනු කර ඇතැයිද ඔවුහු කියති.
තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. තමනට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඔවුහු මෛත්‍රිපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති හා කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මියගෙන්ද ඉල්ලා සිටී.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාගෙන් කල විමසීමකදී ඔහු පවසා ඇත්තේ එය අමුලික අසත්‍යක් බවත්, එසේ සිදුවීමක් සිදුවී ඇත්නම් පොලිසියකට ගොස් පැමිණිල්ලක් කළ යුතු බවත්, මාධ්‍ය සාකච්ඡා නොපවත්වා උසාවියකට ගොස් නඩුවක් ගොනු කළ යුතු බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>