රාජිතගේ පුතු පැහැරගත් දැරියගේ මව්පියන් විරෝධතාවයක

null

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙවන පුත්‍රයා වන එක්සත් සේනාරත්න පැහැරගත් බව පැවසෙන දැරියගේ මව්පියන් ඊයේ (09) විරෝධතාවයක් පැවැතවා තිබේ.

ඒ බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිටදියි. එම දැරියගේ පිය පවසන්නේ තමන් ඉදිරිපත් කර ඇති පැමිණිලි අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දේශපාලන බලපෑම් වලින් යටගසා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් ඊයේ මේ පිළිබඳ පැමිණිල්ල ස්ථාන කිහිපයකට භාර දුන් අතර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලටත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එක්සත් සේනාරත්න තම දියණිය පැහැරගෙන ගිය බවට මෙම මව්පියන් ප්‍රථමවරට මාධ්‍ය වෙත අනාවරණය කළේ මාර්තු 15 වනදායි. ඒ පිළිබඳව නඩුවද පසුගියදා විභාගයට ගැනුණු අතර එහිදී සඳහන් වුනේ දැරිය මව්පියන් ලගට යෑම ප්‍රතික්ෂේප කරන බවයි.

පසුව එම නඩුව මහාධිකරණයෙන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනු ලැබුවේය.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි ඊයේ පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවය සඳහා මහා සංඝරත්නය මෙන්ම දැරියගේ පවුලේ ඥාතීන් එක්ව සිට ඇත.
ඒ සදහා දැරියගේ මව සහ සහෝදරියන් දෙදෙනාද එක්ව සිටීම විශේෂත්වයක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>