රාජිතගේ පුතු පැහැරගත් දැරිය මව්පියන් ළඟට යන්න බෑ කියයි

null

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට එරෙහිව දැරියගේ දෙමව්පියන් පසුගිය 20 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන ලදී. ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න ඔහුගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න, පුතුන් දෙදෙනා වන එක්සත් සේනාරත්න සහ චතුර සේනාරත්න ඇතුලූ වගඋත්තරකරුවන් 14 දෙනාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණි.

පැහැරගනු ලැබීයයි කියනු ලබන දැරියගේ පියා වන ගාමිණී රණසිංහ යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි පසුගිය වසරේ පෙබරවාරි මස 24 වැනිදා ඇමති රාජිත සේනාරත්නගේ දෙවැනි පුත් එක්සත් සේනාරත්න, පොල්හේන්ගොඩ, ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචි දිනිති ආලෝක රණසිංහ නමැති තම දියණිය පැහැර ගෙන ගොස් ඇති බවට දෙමාපියන් චෝදනා කළා. මෙම පැහැර ගැනීම ඇයට වයස අවුරුදු 16ක් ව තිබියදී සිදුවූ බවට දෙමව්පියන් ගොනුකළ නඩුවෙහි තවදුරටත් සඳහන්.

කෙසේ වෙතත් අද දිනයේ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ 2014 වසරේ සිදුවූ මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ලේ නීතිඥයින් සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ජනාධිපතිවරණයක් පැවති නිසා පැමිණිලි ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවයි.

මෙම අවස්ථාවේදී පැහැරගිය බව කියන දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට‍ දන්වා සිටියේ තම සේවාදායකයා දෙමව්පියන් වෙත යාමට කැමැත්තක් නොදක්වන බවයි. එසේම ඇයට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඇයගේ නීතිඥවරයා විසින් පෙන්වාදෙන ලදී.

කෙසේවෙතත් මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී නියෝග කර සිටියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීම සුදුසු බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳ වාර්තාවක් ජූනි මස 03 වන දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දන්වා තිබේ.

දැරියගේ පියා වන පෙත්සම්කරු ද ඔහුගේ බිරිය ද උසාවි පැමිණ සිටි නමුත් රාජිත සේනාරත්න පාර්ශවයේ නීතීඥවරු පමණක් උසාවියේ පෙනී සිටියහ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>