05 Dec 2014
රාජිතගේ ෆයිල් හොරු අරන්
හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා විසින් සිය දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව කියන බේරුවල, දුම්රියපළ පාර, හෙට්ටිමුල්ලේ පිහිටි දෙමහල් නිවසකට සොරුන් ඇතුළු වී තිබේ.
සොරකම සිදු වන අවස්ථාවේ එම නිවසේ කිසිවෙකු සිට නොමැති බව පොලිසිය පවසයි.
නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද කන්නාඩියක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය පවසයි. ඒවායේ වටිනාකම රුපියල් 117,700ක් බව වාර්තා වේ.
පිටුපස ජනේලය කඩා ඇති බවත්, ගෙදර දොර ජනෙල්වල සරනේරු විස්සක් පමණ ගලවාගෙන ඇති අතර මෙම නිවසේ ආරක්ෂාවට යොදා ඇති මුරකරු එදින රාත්රියේ සිට නොමැත.
මෙම සිද්ධිය පිළිබඳව බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඒ සඳහා සුනඛ ග්රේරෝගේ ද සහය ලබාගෙන තිබේ.