රාජිතට මිලියන 20 ගාණේ අල්ලසක් දෙන්න හදලා

null

ඇවන්ට්ගාඩ් සිද්ධිය යට ගසන්නැයි කියමින් පිරිසක් තමන්ට මාසිකව රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාදීමට තැත්කළ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එලෙස පැවසීය.

එසේ අල්ලස් ලබාදීමට තැත්කළ අයගේ මාසික ආදායම පමණක් රුපියල් මිලියන 450ක් පමණ වන බව ද ඒ මහතා අවධාරණය කර තිබේ. එමෙන්ම තමන්ගේ මිතුරෙකු මාර්ගයෙන් තමාට මෙසේ අල්ලස් ලබාදීමට තැත්කළ බවත්, මිතුරා නිසා එය හෙළි නොකළ බවත්, එහි හඬ පටය ද සියලු විස්තරද තමාසතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අල්ලස් ලබාදීමට තැත්කළේ කවුදැයි මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කරද්දී, තමාට අල්ලස් ලබාදීමේ තැත ව්‍යර්ථ වූ නිසා තම පුත්‍රයා බාලවයස්කාර දැරියක රඳවා තබාගෙන සිටින බවට කතාවක් පැතිරු බවද ඔහු පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් මේ පිළිබඳව විමසීමකදී ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කර ඇත්තේ ඇවන්ට්ගාඩ් සිද්ධිය යට ගැසීමට තමා කිසිවෙකුටත් මුදල් ලබාදීමට තැත් කර නොමැති බවත්, එවැනි දෙයක් සිදුවී තිබෙනවානම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>