රාත්‍රියේදීත් සීගිරිය නැරඹීමට අවසර ඉල්ලයි

null

ඉදිරියේදී රාත්‍රී කාලයේද සංචාරකයන්ට සීගිරිය නැරඹීමට අවස්ථාව උදාකර දීමටද සූදානම් වෙමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන්ගේ ඉල්ලීමක් මත ඒ කෙරෙහි තමන්ගේද අවධානය යොමු වී ඇති බව හෙතෙම පවසයි.

සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන් කියාසිටියේ අවම වශයෙන් සෑම මාසයකම පුරපසලොස්වක පොහොය දිනයේදී හෝ සීගිරිය සංචාරකයන් සදහා විවෘත කළ යුතු බවයි.

ඉන්දියාවේ අග‍්‍රානුවර පිහිටි ලොව ප‍්‍රකට ටජ් මහලද පුරපසලොස්වක පොහොය දිනයන්ට දින 2 ක් පෙර සිට සහ පුරපසලොස්වක පොහොය පසුවී දින 2 ක් ගෙවී යන තෙක් රාතී‍්‍ර කාලයේ සංචාරකයන්ට විවෘත කෙරේ. ඊට හේතු වන්නේ ටජ් මහලෙහි චන්ද්‍රකාන්ති පාෂණයෙන් කර ඇති නිර්මාණ සද එළියේදී වඩා සුන්දරව නිරීක්‍ෂණයවීමයි.

සීිගිරියේද ඇතැම් නිර්මාණ චන්ද්‍රකාන්ති පාෂාණයෙන් නිම කර තිබේ. ඒ නිසා රාති‍්‍ර කාලයේ සීගිරිය විවෘත කර තැබුවහොත් සංචාරකයන් ඒ කෙරෙහි වැඩියෙන් ආකර්ෂණය වනු ඇති බව සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන් පවසයි.

කෙසේ වෙතත් සීගිරිය රාතී‍්‍ර කාලයේ විවෘතව තැබීමට ඇති ප‍්‍රධාන බාධාව වනඅලි තර්ජනයන් ය.

මේ අතර ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මේ මස 27 සහ 28 යන දෙදින තුළ අලුයම පහට සීගිරිය ගල මත සිට ඉර පායන දර්ශනය දැක බලාගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.

එමෙන්ම එම දින දෙකේ පළමුවෙන්ම පැමිණෙන සංචාරකයන් 10 දෙනෙකුට සීගිරියට ඇතුළුවීමට නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාදීමටද තීරණය කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>