රාත්‍රියේ ත්‍රීරෝද රියට නැග්ග තරුණිය අතුරුදන්

null

කොළඹ රාජකීය විද්‍යාලයේ අද (26) පැවැත්වෙන විභාගයක් සඳහා පෙනී සිටීමට කතරගම සිට ආ ඉංජිනේරු ශිෂ්‍යාවක අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි තරුණියකි.

ඇය ඊයේ (25) රාත්‍රියේ නුගේගොඩදී ත්‍රී රෝද රියකට නැග ඇත්තේ පාගොඩ ඥාතියකුගේ ගෙදරට යාම සඳහා යි. ඉන්පසුව ඇය ගැන කිසිම තොරතුරක් නැතැයි පොලිසිය පවසයි.

පාගොඩ ඥාතියකුගේ ගෙදරට යාම සඳහා ත්‍රී රෝද රියට නැගුණු බව ඇය තම නිවසට දන්වා ඇති අවසන් පණිවිඩයයි.

ඉන්පසු ඇය පාගොඩ නිවසට නොපැමිණි බවත් ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවූ බවත් පාගොඩ ඥාතියා පොලිසියට පවසා ඇත.

මෙම තරුණිය සොයාදීම සියලුම ත්‍රී රෝද රථ රියදුරන්ගේ වගකීමක් බවත්, ඔවුන්ගේ හොඳ නම රැකගැනීමට ඔවුන් පොලිසියට සහය දැක්විය යුතු බවත් පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>