රාමසාන් වෙනුවෙන් කොළඹ පදික වෙළඳාමට අවසර

null

රාමසාන් උත්සවය කාලසීමාව වෙනුවෙන් පමණක් කොළඹ නගරයේ පදික වෙළදුන්ට වෙළදාම සඳහා අවසර ලබාදීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම සදහා පාර්ශව කිහිපයක නියෝජනත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද මෙම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.

පසුගිය රජය සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරයේ පදික වෙළඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ දෛනිකව කොළඹ නගරයේ ගමන් කරන අතිවිශාල වූ ජනතාවට අවහිරයක් වූ බැවිනි.

ආරක්ෂක අමාත්‍යාංශය පොලීසියට නියෝග කර තිබුණේ පදික වෙළඳමේ නිරතවන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මෙම තීරණයත් සමඟ කොළඹ පදික වේදිකා ජනතාවගේ නිදහස් ගමනාගමනයට විවර වුණා. නමුත් මේ වන විට වෙළඳුන් යළි එහි තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ කොළඹ නගරයේ ඇති පදික වේදිකාවල යළිත් වෙළෙඳාම් කිරීම සඳහා අවසර ලබාදීමට සිදුවූයේ ඉහළින් පැමිණි නියෝග නිසා බවයි.

‘විවිධ දේශපාලන අරමුණු හිතේ තියාගෙන මේ වෙළෙන්දෝ ගිහින් දේශපාලඥයෝ හමුවෙනවා. ඊට පස්සෙ මැති ඇමතිවරු මට කෝල් කරලා ඇයි මේ මිනිස්සුන්ට පේමන්ට් එකේ වෙළෙඳාම් කරන්න දෙන්නැත්තේ කියලා අහනවා. අගමැතිතුමාගේ කාර්යාලයෙන් මට කතා කරලා කියනවා මේ මිනිස්සුන්ට විවිධ ප්‍රශ්න තියෙන නිසා පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න දෙන්න කියලා. ජනාධිපතිතුමාගේ කාර්යාලයේ ලේකම්වරු කතා කරනවා. ඒ අය ජනාධිපතිතුමා කිව්වා කියලා පදික වෙළෙන්දන්ට අවසර දෙන්න කියනවා.
ඉතිං මම මොකද කරන්නේ. මේක දේශපාලනය නියා පේමන්ට්කාරයෝ වීරයො වෙන්න හදනවා. මේක දේශපාලනයෙන් නවත්වන්න බෑ. ඉහළින් නියෝග එනකොට අපි ක්‍රියාත්මක කරන්න ඕන. ඉහළින් දෙන්න කියද්දි අපි දෙන්න ඕන. ඒක මගේ බූදලයක් නෙවෙයිනේ. ඉස්සර දෙන්න එපා කියද්දි තහනම් කරනවා. ඒක තමයි වෙනස’

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>