රැස්වීමක් අතරතුර පරිගණක ක‍්‍රීඩාවේ නිරතවු මන්ත්‍රීවරයා

null

බි‍්‍රතාන්‍යයේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු වන නයිගල් මිල්ස් කමිටු රැස්වීමකට සහභාගි වී සිටිය දී පරිගණක ක‍්‍රීඩාවක යෙදී තිබේ. ඔහු සිය ටැබ්ලට් පරිගණක මගින් මෙලෙස ක‍්‍රීඩා කර ඇත්තේ ‘කැන්ඩි ක‍්‍රෂ් සාගා’ නමැති ජනප‍්‍රිය පරිගණක ක‍්‍රීඩාවයි.

එලෙස ඔහු පරිගණක ක්‍රීඩාවේ යෙදී සිටින අයුරු දැක්වෙන ඡායා රූපයක් ‘සන්’ පුවත්පතේ පළ වීමත් සමග බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

ඔහු මෙලෙස පරිගණක ක‍්‍රීඩාවේ යෙදුණු බවට චෝදනා එල්ල වී ඇත්තේ විශ‍්‍රාම දීමනා ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වු කමිටු රැස්වීමක් අතරතුරයි.

මන්ත්‍රීවරයා පැය දෙකකට වැඩි කාලයක් පරිගණක ක්‍රීඩාවේ යෙදී සිටි බව පුවත්පත වාර්තා කරන අතර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමාගේ පූර්ණ අවධානය සාකච්ඡාව වෙත රැඳී තිබූ බවත් වරක් හෝ දෙවරක් පරිගණක ක්‍රීඩාවේ යෙදී සිටි බවත් ය.

කෙසේ වෙතත් එම චෝදනාව නයිගල් මිල්ස් මන්ත්‍රීවරයා පිළිගෙන තිබෙන අතර තමන් ඉදිරියේ දී රැස්වීම් අවස්ථාවල එවැනි ක‍්‍රියාවන්ගෙන් වැලකීමට උත්සහ කරන බව ප්‍රකාශ කර තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>