රිතූ ආකාර්ෂා රිය අනතුරකට ලක්වෙයි

null

ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ගොස් ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන රිතූ ආකර්ශා අනතුරකට ලක්ව තිබේ.

ඊයේ (23) අලුයම ඇය පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව හරහා ගමන් කර එහි යොදා තිබූ ආරක්ෂක ප්ලාස්ටික් කෝන් කිහිපයක් කඩාගෙන ගොස් තිබේ.

ඇගේ රථය රාත්‍රි කාලයට වසා තිබෙන ප්‍රධාන මාර්ග බාධක කඩාගෙන මීටර් 30ක් පමණ ඉදිරියට ගොස් ඇති බව පාර්ලිමේන්තුව පොලිසියේ ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර රිතූ ආකාර්ෂාට තුවාල සිදුවී නොමැති බවද වාර්තා වේ.

එම අවස්ථාවේදී රිතූ තම ජංගම දුරකතනයෙන් තරුණ කැබිනට් ඇමැතිවරයකුට දුරකථන ඇමතුමක් දුන් බවට ද මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසියද ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර පොලිසිය භාරයට ගත් ඇගේ මෝටර් රියේ තිරිංග පරීක්ෂාව සඳහා මෝටර් රථ පරීක්ෂකයකු කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය අනතුරක් වළක්වා නොගැනීම, රජයේ දේපළකට හානි කිරීම යන චෝදනා යටතේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>