රිය අනතුරකින් 2කු මියයයි – 11කට තුවාල

null

නිට්ටඹුව රදා වඩුන්නේදී අද අළුයම වෑන් රියක් හා ලොරියක් ගැටී ළදරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් 13 දෙනෙක් තුවාල ලබා තිබේ.

අදාල ලොරිය කොළඹින් සහල් පටවාගෙන කෑගල්ල දෙසට යමින් සිට ඇති අතර මහවනුර සිට කොළඹ බලා ධාවනය වු වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු සහ 50 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

තුවාල කෑගල්ල සහ වරකාපොල යන රෝහල්වල ප‍්‍රතිකාර ලබන බවත් අදාල ලොරිය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>