රුපියල් 800ට ළමයෙකු කල අපරාධයක්

oldladydiedbyattack

වයස අවුරුදු 13ක ළමයෙකු රුපියල් 800ක් ඉල්ලා නුදුන්නැයි ඇති වූ කේන්තියෙන් කල පහරදීමකින් බලංගොඩ, එගොඩ වලේබඩ, තැන්පංගුව ප්‍රදේශයේ අවුරුදු 103ක් වයසැති කාන්තාවක් මියගොස් තිබේ. ඊයේ පස්වරු 5.30ට පමණ මෙය සිදුව ඇති බව වාර්තා වෙයි.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ළමයා අදාළ කාන්තාවට ඥාතී සම්බන්ධ‍යක් ඇති බවද, ඔහු විසින් තෙවරක්ම කාන්තාවගේ ඔළුවට පොල්ලකින් පහරදී ඇතැයිද, පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඔහු ප්‍රදේශයේ පාසලක 8 වසරේ ඉගෙනුම ලැබූවෙකු බවද,පොලිස් අත්අඩංගුවට ගැනුණු එම ළමයා අද (25) බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>