රුපියල පාවෙන නිසා භාණ්‌ඩ මිල නැගීමේ අවදානමක්‌

null

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය නිදහසේ පාවෙන්නට ඉඩ හැරීමත් සමඟ රුපියලට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහළ යැමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක මිල ඉදිරි නවලදී ඉහළ යැමට නියමිතය.

පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳුන් පවසන්නේ පසුගිය නවල ඩොලරයේ අගය රුපියල් 13 දක්‌වා ඉහළ ගිය අතර එම තත්ත්වය දිගටම පවතින්නේ නම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ නංවන්නට සිදුවන බවයි.

පසුගිය කාලය තුළ ඩොලරයේ අගය ස්‌ථාවරව පවත්වාගෙන යැම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තම විදේශ සංචිත යෙදවීම නිසා විශාල බරක්‌ දරන්නට රජයට සිදුවිය.

මේ අතර මෙරටට ආනනයන කරන මෝටර් රථවල මිල ඉදිරියේදී වැඩි වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ වන Prius/Vezel වැනි මෝටර් රථ රුපියල් ලක්ෂ තුනකින් පමණද,මෑතකදී ලංකාවේ ජනප්රියත්වයට පත්වූ ටොයෝටා Wagon R මෝටර් රථය සහ නිසාන් Leaf මෝටර් රථය ලක්ෂයකින් පමණ ද මිල ඉහල යනු ඇති බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>