රුසියානු ගුවන් යානයක් කඩාවැටී 224ක් මරුට
රුසියානු ගුවන් සමාගමකට අයත් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාව බලා පියාසර කරමින් තිබියදී ඊජිප්තුවේ මධ්‍යම සින්යි ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන්ගත් සංඛ්‍යාව 224ක්. ඒ අතරට ළමුන් 17ක් ද අයත්. ඔවුන් අවුරුදු 2ත් 17ත් යන වයස් කාණ්ඩවල පසුවන්නන්. මගීන්ගෙන් 138 දෙනෙකු කාන්තාවන් වනවා. මගීන්ගෙන් 214 දෙනෙකුම රුසියානු ජාතිකයින්.
මෙම අනතුරෙන් ඔවුන් සියළුදෙනාම මියගොස් තිබේ. ගුවන් යානය කඩාවැටුණේ ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් සිට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගමන් ගනිමින් සිටියදියි.
අඩි 31,000ක් ඉහළ අහසේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (01) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අනතුරෙන් මියගිය පුද්ගලයන් 129 දෙනෙකුගේ සිරුරු මේ වනවිට ඉවත් කරගෙන ඇති අතර ඒවා කයිරෝ නුවර වෙත රැගෙන විත් ඇත.
ඇතැම් මළ සිරුරු ගුවන් යානයේ අසුන්වල බඳපටිවලින් බැඳ ඔවුන් හිඳ සිටි ආකාරයෙන්ම පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.