රුසියානු ජනාධිපතිවරයා අතුරුදහන්

null

පසුගිය සතිය මුළුල්ලේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත වාර්තා නොවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වල අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳව විදෙස් වාර්තා වල දැක්වෙන්නේ කසක්ස්ථානයේ සංචාරයක නිරතවීමට සිටි රුසියානු නායකයා එම සංචාරය අවලංගු කර ඇති බවත්, දකුණු ඔසෙෂියා ප‍්‍රාන්ත නියෝජිතයන් සමග මොස්කව් නුවර පැවැත්වීමට නියමිතව තිබූ හමුව ද අවලංගු කර ඇති බවත් ය.

එමෙන්ම රුසියානු අභ්‍යන්තර රහස් ඔත්තු සේවාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සමග ජනාධිපති පුටින්ගේ වාර්ෂික සාකච්ඡාව ද පසුගිය සතියේ දී තිබුන අතර එයටද පුටින් සහභාගී නොවීම නිසා එම හමුව අවලංගු කර තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ අතුරුදහන් වීම ගැන විදෙස් මාධ්‍ය විවිධ මත පළකරයි.

ජනාධිපති පුටින් බරපතල රෝගාබාධයකට ලක්ව ඇති බව ලෙස පැතිරුණු එක් කටකතාවක්. තමාගේ රහසිගත සහකාරියට දරුවෙකු ලැබීමට නියමිත නිසා ජනාධිපති පුටින් ඇය සමග ස්විට්සර්ලන්තය වෙත ගිය බව තවත් අදහසක්. ජනාධිපති පුටින් ක්‍රෙම්ලින් මන්දිරය තුළ කුමන්ත‍්‍රණයකින් සිරකර ඇති බව ඇතමුන් ප‍්‍රකාශ කළ අතර, 62 හැවිරිදි ජනාධිපතිවරයා මියගොස් ඇති බවට ද රාවයක් පැතිර ගියා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>