රූපලාවන්‍ය සත්කාරයෙන් මියගිය තරුණියගේ ශරීර කොටස් වෛද්‍ය රසායනාගාරයට

null

මහනුවර, තලාතුඔය හාරගම ප්‍රශයේ දී රූපලාවන්‍ය කටයුත්තකින් අනතුරුව මියගිය තරුණියගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය රසායනාගාරය වෙත යොමුකර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඇයගේ මරණය සැක කටයුතු මරණයක් බවට ප්‍රකාශ වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර තිබේ.

පසුගියදා මෙම තරුණිය මහනුවර ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයකට ගොස් ඇත්තේ විවාහ උත්සවයකට සහභාගී වීම සඳහා රූපලාවන්‍යය කටයුත්තක් සිදුකරගැනීමටයි. ඉන් අනතුරුව මෙම තරුණිය සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණියක්.

පෙර පළවූ පුවත පහතින්.

සැලුන් එකකින් මේකප් දැමූ තරුණියක් හදිසියේ මියගිහින්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>