රොස්වෙල් අභිරහස හෙළිවේ – Roswell incident

null

1947 වසරේ අමෙරිකාවේ රොස්වෙල් ප‍්‍රදේශයට කඩා වැටුණ බව කියන පියාඹන පීරිසියේ අබිරහස අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් පසුගිය 6 වනදා ලොවට හෙළි කළහ.

1947 ජූලි මාසයේ 4 දින ඇමරිකාවේ නිව් මෙක්සිකෝ නගරයේ රොස්වෙල් හි සිදුවූ හදුනා නොගත් පියාසර වස්තුවක් පිපිරිමත් සමග රොස්වෙල් පිටසක්වල යානාවක් කඩාවැටුණු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණි. නමුත් එහි තාරතුරු බොහෝ කාලයක් ඉතා රහසිගතව තබාගැනීමට එරට බලධාරීන් විසින් කටයුතු කොට තිබුණි.

පිටසක්වල යානාව කඩාවැටුණු ප්‍රදේශය

null

1947 ජූලි 3 වනදා රාත්‍රියේ මැක් බ්‍රෙසල් (Mack Brazel) රොස්වෙල් අසල කාන්තාරයක් මැදින් ගමන් ගන්නා විට පිපුරුම් හඬක් ඇසී ඇති අතර ඔහු පසුවදාම එම ස්ථානයට යාමේදී යානයක් කඩාවැටී ඇති අයුරු දැකගැනීමට හැකිවී තිබේ. එමෙන්ම ඔහුගේ ඉඩමෙ තිබි නුහුරු දෙයක සුන්බුන් සමුහයක් සොයා ගැනිමට හැකි වි ඇත. ලෝහමය තහඩු කැබලි තද ලී වැනි දේ සහ ආගන්තුක තන්තු සමුහයක් ඒ අතර විය​.

Mack Brazel

null

පසුව ඔහු ඒ පිලිබන්දව රොස්වෙල් ගුවන් හමුදා කදවුරැ මූලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව මේජර් ජෙසී මාර්ෂල් (Major Jesse Marcel) ප්‍රමුඛව පැමිණි නිලධාරීන් තිදෙනෙකු එම සුන්බුන් පරික්ෂා කර තිබේ.

එහිදී එම නිලධාරීන්ට දැක ගැනීමට හැකි වුයේ එම ලෝහමය කොටස් අතට ගත් විට ගුළියක් සේ සකස් කළ හැකි නමුත් එය අතහැරිය විට යළිත් තිබුණ හැඩයටම පත්වන බවයි. එසේම මේවා මෙතෙක් මිනිසුන් විසින් සාදන ලද කිසිම ද්‍රව්‍යයකට සමානකමක් දක්වන්නේ නැති බව ද ඔවුන් විසින් වාර්තා කර ඇත​.

සුන්බුන් පරීක්‍ෂා කළ Major Jesse Marcel ඇතුළු නිලධාරීන්

null

එමෙන්ම එම අනතුර සිදුවූ ප්‍රදේශයේ තිබූ අසාමාන්‍ය මලසිරුරු 2ක් ද සොයාගෙන ඇති අතර ඒවා පිලිබඳ වසර ගණනාවක් ඔස්සේ රහසිගතව බුද්ධි අංශ විසින් පරීක්ෂණ පවත්වා තිබේ. නමුත් මීට ඉහතදී එම පිටසක්වල ජීවින්ගේ යයි කියමින් ප්‍රසිද්ධ කර තිබු ඡායාරූප සත්‍ය ඒවා නොවන බව විශේෂඥයින් පෙන්වාදෙයි.

පසුගිය 6 වනදා හඳුනා නොගත් පියාසර වතුන් පිලිබඳ විශේෂඥයෙකු වන Tercer Milenio විසින් මේ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කරන ලදී. ඒ අනුව ඔහු විසින් මුල් වරට රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු යානයේ සිටි පිටසක්වල ජීවියෙකුගේ යැයි තහවුරු කරගත් සිරුරක ඡායාරූපයක් මාධ්‍ය වෙත එලි දක්වා තිබේ.

එම තොරතුරු පහතින්…

පසුගිය 6 වනදා විශේෂඥයින් විසින් තහවුරු කළ පිටසක්වල ජීවියාගේ ඡායාරුපය

null

පෙර පළවූ පුවත පහතින්…

රොස්වෙල් සිද්ධියේ සත්‍යය අද හෙළිවේ – Roswell incident

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>