රොස්වෙල් සිද්ධියේ සත්‍යය අද හෙළිවේ – Roswell incident

null

1947 වසරේ අමෙරිකාවේ රොස්වෙල් ප‍්‍රදේශයට කඩා වැටුණ බව කියන පියාඹන පීරිසියේ අබිරහස අද (06) හෙලි කිරීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

එලෙස කඩා වැටුණේ පිටසක්වල ජීවින් සහිත පියාඹන පීරිසයක් බවට එම කාලයේදී මතයක් පැවතුන අතර එහිදී ලබාගත් බව කියන පිටසක්වල ජිවින්ගේ ඡායාරූප කිහිපයක්ද ප්‍රසිද්ධ කෙරුණි.

කෙසේ වෙතත් එවකට පැවැති අමෙරිකානු රජය පැවසුවේ මෙය පිටසක්වල යානාවක් නොවන බවයි. මේ හේතුවෙන් එම සිද්ධියේ සත්‍යය තොරතුරු කිසිවක් මේ වන තුරු වාර්තා නොවුන අතර එම යානය සම්බන්ධයෙන් තොරතුරු සැඟවීමට උත්සාහ කළ බවට විද්‍යාඥයින් පවසයි.

දැන් එහි තොරතුරු සියල්ල හෙළි කිරීමට සුදානමෙන් පසුවන්නේ සද මත පා තැබූ සය වන මිනිසා වන අභ්‍යාවකාශගාමී එඩ්ගර් මිචෙල් (Edgar Mitchell) ඇතුළු පිරිසක් විසින්.

එවකදී නිකුත් කල පිටසක්වල ජිවින්ගේ ඡායාරූප සත්‍යය ඒවාද යන්න මේ වනතුරු නිශ්චිතව සනාථ කර නොමැති අතර, රොස්වෙල් සිද්ධියේ මෙතෙක් හෙළි නොවූ ඡායාරූප සහ වීඩියෝ දසුන් සියල්ල අද (06) හෙළි කිරීමට නියමිත බව සඳහන්.

රොස්වෙල් සිද්ධියේ දැනට නිකුත් කර ඇති ඡායාරූප පහතින්…

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>