රෝගියාගේ ඡායාරූපයක් රෝගියාටම පෙන්වා ටිකට් විකුණූ 3ක් දැලේ

null

හෘදයාබාධ රෝගී තත්ත්වයක සිට මීට වසර 8 කට පෙර සුවවූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කර ටිකට්පත් මුද්‍රණය කර වංචනික ලෙස මුදල් ඉපයූ පුද්ගලයන් තුන්දෙනෙකු දඹුල්ල පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අදාළ පිරිස සතුව තිබූ ආධාර පත්‍රිකාවේ ඇතුළත් රූපය තමාගේ රූපය බව හඳුනාගත් හදවත් රෝගියෙකු ඒ පිළිබඳව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව ය.

සීගිරිය ප‍්‍රදේශයේ පදිංචි ජේ.එම්. විල්බට් සමිදුකුල වන මොහු මීට වසර 8 කට පෙර තමන්ට වැළඳුනු හෘදයාබාධ රෝගී තත්ත්වයක් සුවකරගැනීම සඳහා ටිකට් පත් මුද්‍රණය කර ඒ සඳහා අවශ්‍ය මුදල් රැස් කරගෙන තිබුණි. අනතුරුව හෘද රෝග සැත්කමක් සිදුකොට දැන් ඔහු නිරෝගී තත්වයෙන් පසුවේ.

දඹුල්ල නගරයේදී තරුණයින් තිදෙනෙකු එම ආධාර පත්‍ර මහජනතාව අතර බෙදා දෙමින් මුදල් එක්රැස් කර තිබිණ. ඔවුන්ගෙන් එක් අයෙකු ආධාර පත්‍ර ද රැගෙන විල්බට් සමිදුකුල මහතා සිටි බස් රියට නැග මිහිදුකුල මහතා අතට ද ආධාර පත්‍රයක් ලබා දී තිබේ.

ඔහුට දක්නට ලැබුණේ, තමන්ගේ රුව සහිත ආධාර පත්‍රයකි. අනතුරුව සමිදුකුල මහතා ලබාදුන් පණිවුඩයට අනුව දඹුල්ල පොලිසිය වහා එම ස්ථානයට පැමිණ අදාල තරුණයින් තිදෙනා සහ ඔවුන් සන්තකයේ එතෙක් එකතුවී තිබු මුදල් සහ ව්‍යාජ ලේඛන සහිත ලිපිගොනුව ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔවුන් තඹුත්තේගම සහ කලාවැව ප‍්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 25, 23 සහ 32 වන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසී ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>