රෝසි සිය මනාප නැවත ගණින්න කියලා

null

එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කර පරාජය වු හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය තම මනාප සංඛ්‍යාව නැවත ගණින ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඇය ඊයේ (21) පස්වරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හමුවී මෙම ඉල්ලීම කර ඇති බව සඳහන්.

තමාට ඡන්ද අඩුවීම සැකයට භාජනය වි ඇති නිසා නැවත ගණන් කරන්නට දැන්වූ බවත් තමාට ඡන්ද අඩු කිරීම සැලසුම් සහගත උපායක් බවට සැකකරන බවත්ය. ඇයට එරෙහිව සංවිධානාත්මකව වෙබ් අඩවි වලින් මඩ ගැසුණු බවද ඇය කියා ඇත.

මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඇය ඡන්ද 65,320 ක් ලබා ගත්තා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 70,584 හා මනෝ ගනේෂන් 69,064 ලෙස ඇයට ආසන්නම ඉහළ ඡන්ද ලබාගත්තා.

මේ අතර රෝසි සේනානායක මහත්මිය බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරිමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඇය විසින් එය ප‍්‍රතික්ෂේප කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>