ලංකාවේ ක්‍රිකට් වලට යන කල
වසර 9කට පසු එක්දින තරගාවලියක ජයග්‍රාහී අභිමානය බන්දේසියක තබා පාකිස්තානු කණ්ඩායමට පිරි නමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුවූයේ සිව්වන එක්දින තරගයේදී කඩුලු 7ක ජය පාකිස්ථානයට හිමිකර දෙමින.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට පාකිස්තානු කණ්ඩායමට හැකිවිය.
පාකිස්තාන කණ්ඩායම හා පැවැති සිවුවැනි තරගය මෙන්ම තරගාවලිය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනේම දුර්වලතාව හොඳින් බලපෑ බවත්, ලෝකයේ හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායමක් බවට පත්වීමට නම් එම අංශ තුනේම දියුණුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කර ඇත.
අද පුවත්පත වාර්තා කරන පරිදි පාකිස්තාන කණ්ඩායම හා පැවැති සිවුවැනි එක්දින තරගය පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…
“කණ්ඩායමක් විදියට අපේ පිතිකරණයේ, පන්දු රැකීමේ හා පන්දු යැවීම යන අංශ තුනේම දුර්වලතා නිසයි අපිට පරාජයවීමට වුණේ. මේ අංශ තුනෙන්ම පාකිස්තානය හොඳින් තරග කළා. ලෝකයේ ක්‍රිකට්වල තැනකට එන්න මේ අංශ තුනෙන්ම අපි දියුණුවක් ලබන්න ඕන. අපි හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළේ නෑ. පන්දු රැකීම ගැන වැඩි අවධානයක් යොමුකරන්න වෙනවා.
අපි මාලිංගගෙන් බලාපොරොත්තුවූ දේ ලැබුණේ නෑ. එක් තරගාවලිය පරාජය වීමට බලපාපු ප්‍රධාන හේතුවක්. ආරම්භක කඩුල්ලෙන් අපට ලකුණු ලැබුණේ නෑ. වැරැදි වෙලාවක කඩුලු බිඳවැටුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් අපිට සහාය ලැබුණේ නෑ.
ඇන්ජලෝ දැන් පළපුරුදු නායකයෙක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේ දැනුමැති ක්‍රීඩකයන් (සංගා හා මහේල) කණ්ඩායමට අහිමිවීම පාඩුවක්. ආරම්භයේදී අපිට එය අපහසුවක්. අනෙකුත් තරුණ ක්‍රීඩකයන් වගකීම් ගන්න වෙනවා.
අපි හොඳ විකට්ටුවක ක්‍රීඩා කරන්නේ. එවැනි තත්ත්වයක කඩුල්ලක් ලබාගැනීමට හොඳ දක්ෂතාවක් තිබෙන්න ඕන. ඔවුන් දෙදෙනාට (සචිත් හා මිලින්ද) හොඳ දක්ෂතා තිබෙනවා. පන්දුවට පහරදීමේ දී ඔවුන් දක්ෂතා දක්වනවා. ඔවුන් ඔවුන්ගේ වයසට පරිණත වෙලා ඉන්නේ. තව තරග කිහිපයක් මේ ආකාරයකින් යන විට ඔවුන් වටිනා ක්‍රීඩකයන් බවට පත්වේවි.”