22 May 2018
ලංකාවේ ජොහාන් පිරිස් එවරස්ට් කන්ද තරණය කරයි
එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරමින් ශ්රී ලංකාවේ ජොහාන් පීරිස් නේපාල වේලාවෙන් අද(22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්රී ලාංකිකයා බවට පත්ව තිබේ.
මිට පෙර 2016 වසරේදී ජොහාන් පිරිස් විසින් එවරස්ට් කන්ද තරණය කරීමට උත්සහ කලත් කඳු මුදුනට මීටර් 400ක් පමණ ආසන්නයේදී ඔහුගේ ඔක්සිජන් ටැංකිය අවසන් වීම නිසා සිය බලාපොරොත්තුව අත්හැරීමට සිදුවිය.
කෙසේවෙතත් මෙවර ඔහුගේ උත්සාහය සාර්ථක වුනු අතර මේ වෙඅන විට ඔහු යලි සිය ප්රධාන කඳවුර බලා ගමන් ආරම්භ කර ඇත.
එවරස්ට් කන්ද තරණය කල ප්රථම ශ්රී ලංකිකය වන්නේ ජයන්ති කුරුඋතුම්පලයි. ඒ 2016 වසරේදී ය.