07 Mar 2015
ලංකාවේ තෙල් නිධි 2ක් සොයාගැනේ
මෙරට මන්නාරම් ද්‍රෝණියෙන් තෙල් නිධි දෙකක් හමුවී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා පවසයි.
මේ හේතුවෙන් 2020 වන විට විදේශ රටවලින් ගෑස් සහ ඉන්ධන මෙරටට ආනයනය කිරිම නතර කිරිමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර තිබේ. ඒවා ටොරෙඩෝ සහ පැරකෘඩා යන ගෑස් නිධි වන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.
පුත්තලම, ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.