ලංකාවේ යහපාලනය ගැන ඔබාමා පැහැදීමෙන්

null

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින දකුණු ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ නව පාලන තන්ත‍්‍රය පිළිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප‍්‍රමුඛ එරට රජය ඉතා පැහැදීමෙන් සිටින බවයි.

පසුගිය ජනාධිපතිවරණයට අදාළ තත්ත්වය පිළිබදව ඇමරිකානු රජය දැඩි විමසිල්ලෙන් සිටි බවද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව පාලනයක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබදව ඇමරිකානු රජය සතුටු වන බව ද ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම නව රජයේ දින සියයේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවද, ආර්ථිකය නඟා සිටුවීම, දූෂණ වංචා වැළැක්වීම, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය සහ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් සිය සහය පළ කරන බවද ඇය ප්‍රකාශ කර තිබේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ද මෙරට සංචාරය කිරීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>